මොකක්ද ඇත්තටම මේ Transmitter එක කියන්නේ ? 


ඇත්තටම මොකක්ද මේ transmitter එක , සරලවම කියනවා නම් මේකන් තමයි අපේ Drone සම්පුර්නෙන්ම මෙහෙයවන්නේ. ඇයි එහෙනම් මේකට Remote (රිමෝට්) එක නොකියා Transmitter එක කියන්නේ..  මෙහෙමයි Transmit කියන්නෙ මොකක් හරි දෙයක් සම්ප්‍රේෂණය කරනවා කියන එකයි,  ඉතිං මේකෙදි ගුවන් විදුලි තරංග තමා සම්ප්‍රේෂණය කරන්නේ. ඒ නිසා තමා මේක Transmitter කියන නමින් හදුන්වන්නේ, සාමන්‍යයෙන් මේ hobby එකේදි රිමෝට් එක කියලා කියනවට වඩා ට්‍රාන්ස්මීටර් එක කියලා තමයි කතා කරන්නෙ,  එහෙම නැත්තම් ඒක කෙටි කරලා ටී එක්ස් ( T X ) එක කියලත් කියනවා...

ඉතිං TX එකක් ගන්නවා නම් අපි මූලිකවම බලන්න ඕනි මොනවද ?

ඉතිං එකටම ට්‍රාන්ස්මිටර් එකක් ගන්න කෙකෙන් නම් ඔයා ප්‍රාධාන වශයෙන් බලන්න ඕන ඔයා ගන්න ට්‍රාන්ස්මිටර් එකේ චැනල් ( Channel ) ගාන , ඒ වගේම transmit කරන්න පුලුවන් දුර ප්‍රමාණය , මොන වගේ බැටරියක්ද ඒකට පාවිච්චි කරන්න ඕන කියන එක, ඒ වගේම ට්‍රන්ස්මිටර් එකේ මෝඩ් ( MODE ) එක මොකක්ද කියලත් බලන්න ඕන..

එතකොට මේ Transmitter එකක චැනල් කියන්නේ මොනවද කියලා බලමු අපි..
මෙහෙමයි මේ transmitter එකේ ඉදලා අපේ ඩ්‍රෝන් එකේ හරි ප්ලේන් එකේ හරි තියන receiver එකට සිග්නල් එන්නේ 2.4 Gigahertz කියන සංඛ්‍යාත තරංගයෙන්. . සාමාන්‍යයෙන් අපි tx එකකින් එක වැර ගොඩක් දේවල් කරනවනේ. අන්න ඒ විදිහට එක පාර signal කීයක් යවන එකද කියන එකයි මේ channel වලින් අදහස් වෙන්නේ..
උදාහරණයක් කිව්වොත් අපි Toy RC car එකක් ගත්තොත් ඒක ඉදිරියට හා පස්සට යවන්න එක channel එකක් ඕනි වෙනවා. දෙපැත්‍තට හරවන්න තව channel එකක් ඕන වෙනවා. එතකොට RC toy car එකකට වගේ නම් channel 2 ක් තියන transmitter එකක් හොදටම ඇති..
ඒත් ඩ්‍රොන් වලදී ඉස්සරහට පිටිපස්සට යනවට අමතරව තව වැඩ තියනවනේ.
ප්‍රධාන වශයෙන් ඩ්‍රොන් එක throttle කරන්න එක චැන්ල් එකකුත් , ඩ්‍රෝන් එක හරවන්න ( yaw ) කරන්න එක චැනල් එකකුත් , ඉස්සරහට පිටිපස්සට යන්න ( pitch ) කරන්න එක චැන්ල් එකකුත් , දෙපැත්තට යන්න (roll) එක චැන්ල් එකකුත් විදිහට අවම වශයෙන් චැනල් 4ක් තියන TX එකක් ඕන වෙනවා.



අවමය චැනල් 4ක් විතරකින් ඩ්‍රෝන් එක යවන්න පුලුවන් උනාට තව අපට flight modes / arm switch එහෙම දාගන්න ඕන නිසා TX එකේ switch වලටත් වෙනම චැනල් 2 ක් වත් ඕන, ඔක්කොම අවමය චැනල් 6ක් තියන TX එකක් ඕන වෙනවා..
මෙන්න මේ රූපය පොඩ්ඩක් බලන්නකෝ..



ගොඩක් TX වල switch ගොඩක් තිබුනට ඒ තියන ගානටම චැනල් නැහැ, එච්චර switch ගොඩක් තියෙන්නේ අපිට පහසු තැනට ගැලපෙන switch එක දාගන්න ඕනි නිසයි.
උදාහරණයක් කීවොත් Flysky Fsi6 TX එක channel 6 TX එකක්. ඒ උනාට ඒකේ ප්‍රධාන stick දෙකට අමතරව තව switch 4කුයි කරකවන්න පුලුවන් dialer 2 කුයි තියනවා.. ඒ අමතර 6 න් දෙකක් තමා ඉතිං අපිට වැඩක් ගන්න පුලුවන් වෙන්නේ signal transmit කරද්දි... ( TX එකේ එක එක මෝඩ්ස් මාරු කරන්න මේ switch යොදාගන්න පුලුවන්, ඒත් මං මෙතන පැහැදිලි කරන්නේ transmit කරන්න පුලුවන් චැනල් ගානයි )

Transmitter එකක transmit කරන්න පුලුවන් දුර ප්‍රමාණය තමයි ඊලගට වැදගත් දේ.. මෙතනදී මේ දුර ප්‍රමාණය වැඩි වෙන්න transmitter එකේ හැකියාව සහ අමතරව තව කරුනු ටිකක් බලපානවා.
01 Transmitter එකේ output power එක
02 Receiver එකේ sensitivity එක
03 Receiver එකේ ඇන්ටෙනා වර්ගය
04 Receiver එකේ ඇන්ටෙනා හයි කරලා තියන විදිහ
05 Drone එක යවන ස්ථානයේ ස්වභාවය
මෙන්න මේ වගේ ටිකක් තමා ප්‍රධාන වශයෙන් අපේ ඩ්‍රොන් එක ටිකක් දුර යවන්න ඕනි නම් බලපාන්නේ. මෙතන TX output power එක ගැන ලොකුවට හිතන්න එපා. දැනට වෙළෙඳපොලේ තියන සාමාන්‍ය 6 channel වලින් උඩ වගේ TX ඔක්කොම එක හා සමාන output power එකක් තියෙන්නේ. අනික් කරුනු ටික අපි ඉස්සරහට කතා කරමු. තාම මේ transmitter ගැනනේ කතා කරන්නේ..
ඊලග වැදගත් දේ තමයි transmitter එකට දාන බැටරි..

දැන් තියන ගොඩක් TX වලට නම් අපි ඩ්‍රෝන් එකට පාවිච්චි කරනවා වගේම lipo බැටරියක් තමා දාන්න තියෙන්නේ. Flysky fs i6 වගේ ඒවා නම් AA battery තමා දාන්න තියෙන්නේ. මෙන්න මේ AA battery දාන්න තියන TX එකක් නම් ඔයා ලග තියෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම Rechargeable AA battery සෙට් එකක් ගන්න චාර්ජර් එකකුත් එක්කම. මොකද නිකන් කඩේ රුපියල් 100 ට ගන්න තියන කාබන් බැටරි වලින් උපරිම දවස් දෙකක් TX එක on කරන්න පුලුවන් වෙයි.. එතකොට හැමදාම බැටරි ගන්නවට වඩා ලාබයි එක වැර ගානක් දීලා rechargeable battery සෙට් එකක් අරන් තියාගන්න එක. 

Tx එකක් ගද්දී බලන්න ඕනි ඊලග කාරනය තමයි stick mode එක..
( මේ ප්‍රධාන stick දෙකට gimbals කියලත් කියනවා, කැමරා gimbals එක්ක පටලවගන්න එපා )
මම කලින් ලිපියක කීවා වගේ fpv drone වලදී dji වල වගේ අහසේ නවත්තලා තියාගන්න බැහැ. Transmitter එකේ throttle එකට අදාල stick එක 0 තියෙන්නේ. එක ටික ටික උඩට කරද්දි තමා ඩ්‍රොන් එක උඩට යන්නේ.
ඉතිං ඒ stick එක තමා ප්‍රදානම stick එක mode 01 විදිහට එන TX වල නම් ඒ stick එක එන්නේ අපේ දකුනු අතින් අල්ලගන්නයි, mode 02 TX වල තමා සාමාන්‍ය විදිහට වම් අතින් අල්ලගන්න පුලුවන් විදිහට throttle stick එක් එන්නේ. ඒ වගේම mode 03 / mode 04 කියලත් තියනවා..




මේ mode අපිට TX එකේදි ලේසියෙන්ම මාරු කරන්න පුලුවන්. හැබැයි throttle stick එක මාරු කරන්න නම් TX එක ගලවලා ඒ stick එකට අදාල පොඩි ස්ප්‍රින් එකක් තියනවා ඒක බුරුල් කරන්න ඕන. සමහර TX වල නම් TX එක ගලවන්නේ නැතුව එලියෙන්ම පොඩි switch එකක් දාල තියනවා ඇතුලේ ස්ප්‍රින් එකට . ඒ වගේම සමහර TX ගලවලාවත් ඇතුලේ ස්ප්‍රින් එක වෙනස් කරන්න බැරි ඒවා තියනවා. අන්න එහෙම එකක් ගන්නවා නම් stick mode එක හොදට ඔයාට ගැලපෙන එකක් බලලා ගන්න..
මෙතන තියනවා දැනට වෙළෙඳපොලේ තියන transmitter කීපයක්. මිලගනන් බලාගන්න පුලුවන් ඔයාලට.

FlySky FS i6 = $39.99
FlySky FS i6x = $40.99
FlySky FS i6s = $55.99

Frsky Taranis X9 Lite = $75.99
Frsky Taranis X Lite = $139.99
Frsky Taranis X9D Plus = $182


වැදගත්ම දේ..... !!!!!

ඔයා transmitter එකක් online ගෙන්නනවා නම් ලංකාවේ රේගුවේදී transmitter එක නැවතුනොත් ඒක එලියට ගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. මොකද transmitter කියන්නේ ගුවන්විදුලි තරංග වලට සම්බන්ද දෙයක් නිසා බොහොවිට විදුලි සංදේශන කොමිෂන් එකෙන් අවසරයක් අරන් එන්න කියනවා.. අවාසනාවන්ත දවසක් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරෙත් ඉල්ලනවා. එහෙම් කරදර වලට අකමැති කෙනෙක් නම් Nisala Nadeera ට කියලා කිසිම අවුලක් නැතුව ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ..




හරි එහෙනම් transmitter එක ගැන මූලිකම කරුණු ඔච්චරයි.. Transmitter එක ඇතුලේ වැඩ නම් මෙහෙම කියලා ඉවර කරන්න බැරි තරම් ඒවා තියනවා..
Flysky FS i6 එකට නම් SLRC YouTube Channel එකේ Nisala හදපු වීඩියෝ සීරීස් එකක්ම තියනවා සිංහලෙනම. ඒ ටික මෙතනින් බලන්න පුලුවන්..