අද අපි බලමු ඩ්‍රෝන් එකක frame එක කියන්නෙ මොකක්ද ? ඒ වගේම frame එකක් තෝරගන්නේ කොහොමද කියලා....


ඩ්‍රෝන් එකේ frame එක තමයි ඩ්‍රෝන් එකේ ප්‍රධානම කොටස, හරියටම කීවොත් ඩ්‍රෝන් එකේ චැසි එක තමයි frame එක කියන්නේ, මේක උඩ තමයි අපි අනිත් හැමදේම හයි කරන්නේ. ඩ්‍රොන් එකේ frame එකෙන් තමයි අපි හදන්න ඉන්න ඩ්‍රෝන් එකත් තීරනය වෙන්නේ, මුලින්ම අපි බලමු ඩ්‍රෝන් එකේ frame size එක අනුව ඩ්‍රෝන් වර්ග වෙන හැටි.. (මම මෙතන කතාකරන්නේ quad copters ගැන විතරයි Tricopters / Hexacopters වගේ ඒවා ගැන මම වෙනම කතා කරන්නම්)


ඩ්‍රොන් එකක සයිස් එක අපි මනින්නේ ඩ්‍රෝන් එකේ මෝටර් එකක ඉදලා ඊට විරුද්ධ පැත්තේ තියන මෝටර් එකට තියන දුරින්, මේක අපි මිලිමීටර් වලින් තමා මනින්නේ..

photo credit - ocracliang.com


උදාහරණයක් කියනවා නම් 140mm / 180mm / 220mm / 250mm වගේ ෆ්‍රේම් තියනවා. මේ frame සයිස් එකත් එක්කම ඩ්‍රෝන් එකට දාන prop එක තීරනය වෙනවා. එතකොට prop එකේ සයිස් එකෙනුත් ඩ්‍රෝන් වර්ග කරන්න පුලුවන්. මේ පහලින් තියන chart එක බලන්නකෝ. frame සයිස් එකට ගැලපෙන prop size එක තියන හැටි. 


එතකොට මේ සයිස් අනුව අපි තීරනය කරන්න ඕන අපි හදන්නෙ මොන වගේ එකක්ද කියන එක, 120mm වලට අඩු එහෙම නැත්තන් prop size එක 2inch වලට වඩා අඩු ඒවා ගොඩක් වෙලාවට indoor fly කරන්න තමයි හදන්නේ. 120-150mm වගේ 3inch එකක් outdoor park එකක වගෙ fly කරන්න හොදටම ගැලපෙනවා. අපි Gopro එකක් එහෙම දාලා freestyle වගේ කරන්න ඉන්නවා නම් 200-230mm වගේ 5inch frame එකක් තමයි අපිට හොදටම ගැලපෙන්නේ..

photo credit - oscarliang.com


ඒ වගේම frame එකේ design එක අනුවත් අපිට frame වර්ග කරන්න පුලුවන්.

  • X Frame (මේක තමයි දැන් ගොඩක් freestyle & racing ඒවට පාවිච්චි කරන්නෙ.)
  • H Frame (මේ වර්ගය නම් දැන් වැඩිය පාවිච්චියක් නැහැ මීට අවුරුදු ගානකට කලින් ගොඩක් ජනප්‍රියයි)
  • Plus Frame
  • Box Frame




ඊලඟට අපි බලමු සාමාන්‍ය frame එකක තියන කොටස් මොනවද කියලා..


photo - oscarliang.com



මෙතන තියන කොටස් වලින් අපි frame එකක් තෝරගද්දී බලන්න ඕන වැදගත් දේවල් ටිකක් මම කෙටියෙන් පැහැදිලිකරලා දෙන්නම්.

ARM - අපි ගන්න frame එකේ arm එකක ඝනකමෙන් තමයි ඒ ෆ්‍රේම් එකේ arm එකක කල්පැවැත්ම තීරනය වෙන්නේ.. සාමාන්‍යයෙන් 2mm - 6mm  අතර ප්‍රමාණ වලින් තමා මේ arm වල ඝනකම එන්නේ.

photo - oscarliang.com


Arm එකේ ඝනකම වැඩිවෙන්න වැඩිවෙන්න ශක්තිමත්බව වැඩිවෙනවා වගේම arm එකක බරත් වැඩිවෙනවා, Race quad එකකට නම බර වැඩිවෙන එක ටිකක් ප්‍රශ්නයක්. ඒ වගේම ඒකෙම අනික් පැත්ත arm එකේ ඝනකම අඩුවෙද්දී ශක්තිමත් බාවය අඩු වෙනවා, සාමාන්‍යයෙන් 5 inch වගේ frame එකක් ගන්නවා නම 4mm - 5mm අතර වගේ එකක් ගන්න..

Bottom Plate එහෙමත් නැත්තන් quad එකේ යට කොටස ක්‍රම දෙකකට අපිට බලාගන්න පුලුවන් frames වල. ඒ තමයි Unibody සහ Separate Arms කියන ආකාර දෙක.  මෙතනදී Separate arms කියන්නේ සාමන්‍ය විදිහට drone එකේ යට කොටසට arms 4 වෙන වෙනම හයි කරන්න පුලුවන් විදිහට තියන bottom plate එකක්..  unibody කියන්නෙ quad එකේ bottom plate එකම arms 4ත් එක්කම එන විදිහයි, මේකෙදි quad එකේ බර පොඩි ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන් උනත් crash එකකදී arm එකක් කැඩුනොත් මුලු bottom plate එකම මාරු කරන්න ඕන.


photo - oscarliang.com
Standoff කියන්නේ quad එකේ top plate එක සහ bottom plate එක වෙන් කරන්න / පරතරය ඇති කරන්න ගන්න පොඩි කනුවක් කියලා කියන්න පුලුවන්, මෙවාගේ උස මට්ටමින් තමයි අපේ quad එකේ ඇතුලත ඉඩ තීරනය කරන්නේ,  සාමාන්‍යයෙන් 25mm - 35mm අතර වගේ උසක් තමයි මේවට තියෙන්නෙ, 5 inch වගේ quad එකක් නම් අවම 35mm standoff තියෙන්න ඕන ඇතුලේ FC stack එක එහෙම හයි කරන්න නම්..

BANGGOOD එකෙන් ගන්න පුලුවන් හොඳ frames ටිකක්..

Dragon HX5 - $32.89
Geprc MARK4 - $51
Realacc X5R - $25
Cockroach V2 - $25
(මේක තමයි මම පාවිච්චි කරන්නේ)

මේ ලිපියේ සමහර ෆොටෝස් මම උපුටාගත්තේ Oscar liang ගේ web site එකෙන්. එයාගේ web site එක තමා දැනට මේ විදිහට ඩ්‍රෝන් ගැන හොදම ලිපි පල කරන සයිට් එක. මම පෞද්ගලිකව එයාගෙන් අවසර අරන් තමයි ඒ ෆොටෝස් පල කරේ. එයාටත් ඒකට ස්තූතියි..

මේ එයාගේ සයිට් එක. oscarliang.com


Drone හදන හැටි සිංහලෙන්ම වැඩි විස්තර දැනගන්න SLRC Club youtube channel එකට එන්න

Flight Controller එකක් තෝරගන්නේ කොහොමද...