FPV Drone එකක් හදන හැටි..

මේ Post එකෙන් මං අද කියන්න යන්නේ FPV Drone එකක් හදන මූලික පියවරවල් කිහිපය ගැනැයි..



මුලින්ම කියන්න ඕන මම අද මේ කරන්නේ, මගේ ලග කලින් තිබුන Drone එකක් repair එකක් සඳහා ගලවන්න උන නිසා, ඒ පරණ parts වලින්ම සම්පූර්ණ Drone එක මුල ඉඳන් හදන විදිහයි..

මම මෙතන Drone එකක් හදන විදිහේ මූලික දේවල් ටික විස්තර කරගෙන යන්නම්. ගොඩක් ගැඹුරට ගිහින් ඒ ඒ දේවල් වෙනම පැහැදිලි කරන්න අදහසක් නැත්තේ , අපි Drone එකක් හදන්න ගන්න parts එකින් එකට වෙනස් වෙනකොට ඒවා එකකට එකක් සම්බන්ද කරන්න තියන ක්‍රම පවා වෙනස් වෙනවා.. ඒ නිසා සාමාණ්‍යයෙන් වෙන විදිහ මම පැහැදිලි කරගෙන යන්නම්..




Drone Parts

මුලින්ම මම, මේ Drone එක හදන්න ගන්න parts ටික දාගෙන යන්නම්...


Frame - Cockroach V1

Motors - Brother Hobby Returner R2 2600KV

FC - KISS FC V1

ESC - T Motor Velox 45A V2

FPV Camera - Caddx Ratel V1

VTX - AKK FX 02

Receiver - FrSky XSR


4dbi Antenna

Buzzer

Drone එක හදන හැටි

මුලින්ම අපේ Drone එකේ frame එක අපි සවි කරගෙන ඉන්න ඕන.. මෙතනදී Bottom plate එක සහ Arms ටික තමයි මුලින්ම අපි සවි කරගන්න ඕන.. (එක එක frames වල එක එක විදිහට තමයි සවි කරන්න එන්නේ.. මගේ මේ frame එකේ නම් bottom plate එකට අමතරව lock nuts තියන තව පොඩි plate එකක් තියනවා. ඒක සහ arms අතරට තමයි drone එකේ bottom plate එක set වෙන්නේ )

01

02

03

04



ඊලඟට අපි සවි කරගත්ත Arms වලට , අපේ Drone Motors ටික සවිකරගන්න ඕන. මගේ Frame එකේ නම්, එක motor එකක් සඳහා ඇණ 3ක් පමණක් දාන්න පුලුවන් විදිහටයි තියෙන්නේ. ගොඩක්  Frame වල ඇණ 4ක් දාන්න එනවා.. ඇණ තද කරන වෙලාවට අපි හරිම අවදානයෙන් බලන්න ඕන තද වෙන ඇණේ Motor එකේ ඇතුලේ winding (කොයිල් කම්බියේ) වදිනවාද කියලා. එහෙම ගෑවෙනවා නම් ඊට වවා ටිකක් කොට ඇණ පාවිච්චි කරන්න වෙනවා..

05

06

07



ඊලඟට මම, මගේ Velox ESC එකත් එක්ක හම්බුන XT60 Connector එක ( Main Power Wire ) ESC එකට පාස්ස ගන්නවා.. මෙතනදී wire එක ටිකක් ලොකු ප්‍රමාණයක් වෙන නිසා ටිකක් වැඩිපුර ඊයම් පාවිච්චි කරන්න වෙනවා..


08

ඊලඟට ESC එකේ Motors පාස්සන්න තියන Pads වලට ඊයම් දාගන්න ඕන.

09

ඒත් එක්කම Velox ESC එකත් එක්කම හම්බුන LOW ESR Capacitor එකත් අපි Main wire එකට පාස්සගන්න ඕන. මෙහෙම Capacitor එකක් දාන එකෙන් voltage spikes වලින් ආරක්ශා වෙනවා වගේම , අපේ Analog video feed එකත් යම් මට්ටමකට noise වලින් තොරව clear කරගන්න පුලුවන්.

10


ඊලඟට අපි FPV camera එකේ සහ VTX එකේ wires සම්බන්ද කරගන්න ඕන.. මෙතනදී මං ඒ      දෙකේම power wires එකට අමුණාගන්නවා එතකොට ඒ දෙකම එක වැර main power එකට සම්බන්ද කරන්න ලේසී නිසා 

( මම මේ පාවිච්චි කරන FPV camera එක සහ VTX එක කිසිම ප්‍රශ්නයක් නැතුව 7-24V අතර අගයකින් power දෙන්න පුළුවන් , ඒ නිසා ඒක කෙලින්ම Main power එකට ලේසියෙන්ම සම්බන්ද කරගන්න මට පුළුවන්. සමහර VTX සහ Camera වැඩ කරන්නේ 5v - 12v වගේ පොඩි voltage එකකට , එතකොට ඒක සවි කරන්න නම් වෙනම අඩු voltage එකක් තියන regulator එකක් තියන FC එකක් හෝ Pdb එකක් හෝ පාවිච්චි කරන්න වෙනවා )

තව දෙයක්, මේ FPV Camera එකේ සහ VTX එකේ Video signal wires දෙක මම නිකන්ම එකකට එකක් සම්බන්ද කරගන්නවා..  සාමාන්‍ය OSD ( On Screen Display) තියන FC එකක නම් Camera එකෙන් Out වෙන signal wire එකයි VTX එකට in වෙන signal wire එකයි FC එකට පාස්සගන්න ඕන..  මොකද FC එකෙන් ඒකට තව data එකතු කරන නිසා..  මෙතන මං පාවිච්චි කරන KISS FC එකේ OSD නැති නිසා ඒ signal wires දෙක මම එකින් එකට සම්බන්ද කරගන්නවා..

11



ඊලඟට මම එකකට එකක් සම්බන්ද කරගත්ත FPV camera එකේ සහ VTX එකේ power wires දෙක, esc එකේ main power එක දුන්න තැනටම පාස්සගන්නවා.

12


ඊලගට මම කරන්න යන්නේ ESC එකේ Motors වලට අදාල Signal Wires ටික් FC එකට පාස්සගන්න එකයි. ගොඩක් ESC වල නම් මුලින්ම ESC එක පැත්තටත් අපි wires පාස්සගන්න ඕන.. ඒත් මං මේ අරන් තියන VELOX ESC එකේ Signal wires, esc එකට plug කරන්න තියන connector එකක් විදිහට ඇවිල්ලා තියනවා.  එතකොට ලේසියෙන්ම FC එක පැත්තේ wires ටික විතරයි පාස්සගන්න ඕන කරන්නේ..

Esc එකේ Motors හතරට අදාල Wires හතර, Fc එකේ ඒ ඒ අදාල pad එකට හරියටම පාස්සගන්න ගන්න ඕන . ඒ කියලා තියන පිළිවෙලටම. Wires 4න් එකක් හරි මාරු වෙලා තිබුනොත් පළවෙනි පාර Drone එක Arm කරද්දී Drone එක විසිවෙලා ගිහින් කුඩු වෙන්න හෝ ලග පාත ඉන්න කෙනෙක්ට අනතුරක් වෙන්න හෝ පුළුවන් . 

Betaflight වල සහ Kiss වල motors තියන පිළිවෙල එකකට එකක් වෙනස්..  ඒ තියන පිළිවෙලට අපි පාස්සගන්න ඕන.   තවත් කියනවා නම් 1 Motor එකේ signal wire එක FC එකේ 1 pad එකට.  2 එක 2ට වගේ හරියටම පාස්සගන්න ඕන.. 




මෙතන මං පාවිච්චි කරන KISS FC එකේ නම් Signal pads තියෙන්නේ board එකේ දෙපැත්තේ .  අනික් ගොඩක් fc වල නම් එක පැත්තේම තියෙන්නේ..


13


ඒ එක්කම FC එකට Power දෙන Power Wire එකත් මම FC එකට පාස්සගන්නවා. මෙතන මට FC එකට Main Power එකෙන් power එක දෙන්න පුලුවන් උනත් ඒකට වෙනම Wires පාස්සනවට වඩා ලේසි විදිහට වැඩේ කරගන්න esc එකෙන්ම වෙනම FC වලට Power දෙන්න එන Wire එකම පාවිච්චි කරනවා..

14


මෙතනදි අපි ගන්න Transmitter සහ Receivers අනුව අපිට FC එකට Signal දෙන්න ඕන ක්‍රමය වෙනස් වෙනවා.  උදාහරණයක් විදිහට කියනවා නම් Flysky වල iBus ද, Frsky වල sBus ද වගේ මේවා එකිනෙකට වෙනස් වෙනවා. එතකොට FC එකේ අදාල pads වෙනස් වෙනවා,  නිසා අනිවාර්යෙන්ම FC එකට සම්බන්ධ කරන්න කලින් අපි Transmitter protocol එක මොකක්ද කියලා බලාගන්න ඕන.

ඉතින් මගේ නම් sBus නිසා මම දැන් මෙතන sBus port එකට Receiver එකේ wires  තුන සම්බන්ධ කරගන්නවා.


15


ඊලගට FPV කරනවා නම වැදගත් වෙන තවත් උපාංගයක් තමයි Buzzer එක.  මොකද Drone එක කොයි වෙලාවක හරි වැටුනොත් එහෙම Drone එක තියන තැන ලේසියෙන්ම හොයාගන්න අපිට Buzzer එක උදව් වෙනවා. සරලවම කියනවා නම් Buzzer එකේ සද්දේ එන පැත්තට යන්න තමා තියෙන්නේ..  ඉතිං මම මේ Buzzer එක FC එකේ Buzzer එකට අදාල pad එකට පාස්සගන්නවා.. හැම FC එකකම Buzzer pad එකක් තියනවා.. 

16

17


දැන් ඊලගට අපිට තියෙන්නෙ ESC / FC වගේ දේවල් ටික අපේ Frame එකට හයි කරගන්න එකයි. මම මුලින්ම ESC එක frame එකට Mount කරගන්නවා.. එතනදී ESC එකේ යට පැත්ත Frame එකේ නොගෑවෙන විදිහට හයි කරන්න වගබලාගන්න. මොකද නැත්තන් short වෙන්න ඉඩ තියන නිසා. Screw එකට Rubber Damping වගේ දෙයක් පාවිච්චි කරලා අපිට ESC එක Frame එකේ නොගෑවෙන විදිහට හයි කරගන්න පුලුවන්. 

ESC එක මම Mount කරගෙන දැනට Standoff Screw දෙකක් පාවිච්චි කරලා ESC එක තද කරගන්නවා.

18


ඊලගට motor wires මම ESC එකට පාස්සගන්නවා. මෙතනදී Motor එකකින් එන Wires තුනම ESC එකේ Motor එකට අදාල Pads තුනට පාස්සගන්න ඕන. ඒ වගෙම මතක තියාගන්න Drone එක උඩ යන්න නම් Motors කැරකවෙන්න ඕන පැත්තක් තියනවා, කැරකෙන පැත්ත වැරදී නම් මේ Wire තුනෙන් මොනම හෝ දෙකක් මාරු කරලා පාස්සලා motor එක කැරකෙන පැත්ත මාරු කරන්න පුලුවන්..

හැබැයි ඔයා Betaflight පාවිච්චි කරන කෙනෙක් නම්  Betaflight හරහා ESC එකට අදාල Configurator එකෙනුත් ලේසියෙන්ම Motor එක කැරකෙන දිශාව වෙනස් කරන්න පුලුවන්. මෙතන මම පාවිච්චි කරන්නේ KISS FC එකක් නිසා Motors කැරකවෙන පැත්ත මම test කරලා කෙලින්ම මෙතන පාස්සනවා.

19

20


ඊලගට Standoff Screws හතරම දාලා ESC එක මම හොදට තද කරගන්නවා

21


ඊලගට මම FC එකත් මේ stack එකටම හයි කරගන්නයි යන්නේ. මුලින්ම මම Screw හතරට ආපහු Rubber Damping හතරක් දාගන්නවා. මේ පාර Damping දාන එකෙන් වෙන්නෙ FC එකට එන අනවශ්‍ය Vibrations filter වෙන එකයි. 

ඒ එක්කම අපි කලින් FC එකට පාස්සගත්ත Signal Wire connector එක ESC එකට Plug කරගන්නවා.

ඒ ගමන්ම FC එකත් Stack එකට තඩ වෙන විදිහට ආපහු Standoff Screw හතරක් දාලා තද කරගන්නවා.

 
22



ඒ එක්කම මම අපේ Drone එකේ Main Power Wire එක zip-tie එකක් දාල Frame එකට තද කරගන්නවා. මොකද Crash උන වෙලාවක මොකක් හරි වෙලා Wire එක ඇදුනොත් එහෙම esc එක ගාවින්ම කඩලා යන්න ඉඩ තියන නිසා..


23



Motor එකේ Wires ටිකත් මම Zip-tie දාලා Frame එකේ Arms වලට තද කරගන්නවා. ඒකට නම් zip-tie වෙනුවට Electrical tape උනත් පාවිච්චි කරන්න පුලුවන්. Motors හතරේම Wires මම ඒ විදිහට තද කරගන්නවා.

24

25




ඊට පස්සේ මම VTX එක මේ Stack එකටම mount කරගන්නවා, ඒ එක්කම අපි කලින් Main Power එකට පාස්සගත්තු VTX එකේ cable එකත් VTX එකට plug කරගන්නවා. මෙතනින් පස්සේ මේ stack එකට ආය හයි කරන්න මොකුත් නැති නිසා Standoff වලට Nut දාලා මම තදකරගන්නවා.


26


ඊලගට මම කරන්නේ Frame එකේ Top Plate එකට හයි කරන්න තියන Frame එකේ Standoffs ටික හයි කරගන්න එක. Frame එකේ Bottom Plate එකට මුලින්ම හයි කරගන්නවා.  මේවා නම් ටිකක් තද කරලා හයි කරන්න ඕන,  නැත්තන් Drone එක Fly කරද්දි එන Vibration එකට කැරකිලා ගැලවෙන්න පුලුවන්.


27

28



ඒත් එක්කම ඊලගට Receiver එකත් Frame එකට Mount කරන්න ඕන නිසා, මුලින්ම Receiver එක වටේට Electrical tape ටිකක් ගහගෙන ඉන්නවා.. එතකොට මොකේක හෝ ගෑවිලා Short වෙන එකෙන් නවතින්න.
.

29

Receiver එකේ තියන Antenna දෙකත් Frame එකෙන් එලියට එන විදිහට හයි කරන්න ඕන නිසා මම ඒකට වෙනම zip-tie දෙකක් Frame එකට හයි කරගන්නවා. එතකොට Antenna දෙකට zip-tie දෙක ආධාරකයක් වගේ තියන්න පුලුවන්.

30


Receiver එකත් මම Frame එකට තියලා Zip-tie එකක් දාගන්නවා.

31

ඒත් එක්කම කලින් Frame එකට මම හයි කරගත්තු zip-tie දෙකට Receiver එකේ Antenna දෙක තියලා Heat Sleeve දාලා Cover කරනවා


32


මම ඊලගට කලින් FC එකට හයි කරගත්ත Buzzer එක Hot glue ටිකක් දාලා Frame එකට අලවගන්නවා.  මොකද fly කරද්දි Buzzer එක නැත්තන් එහෙ මෙහෙ විසිවෙන නිසා.

33



ඊලගට FPV Camera එක Frame එකට හයි කරගන්න ඕන, එතනදී මම මුලින්ම Frame එකේ Side Plate දෙකට Camera එක හයි කරගෙන ඉන්නවා.. 

34


කලින් අපි Main power එකට පාස්සගත්ත FPV Camera එකේ Power Plug එක මම Camera එකට සම්බන්ද කරලා.  Camera එක Frame එකට Mount කරගන්නවා.

35


මීලගට තියෙන්නෙ drone එකේ අවසාන වැඩ ටික. FPV antenna එක අපි දැන් Frame එකට හයි කරගන්න ඕන, ඒත් මුලින්ම මගේ VTX එකට FPV antenna එක හයි කරන්න තව connector එකක් ඕන කරනවා.  FPV Antenna එන්නේ SMA / RP-SMA කියන කොන්නෙක්ටොර් වලින් ( Router වල පිටිපස්සේ තියෙන්නේ) ඒත් මගේ VTX එකේ තියෙන්නේ MMCX කියන port එක.  ඒ නිසා RP-SMA to MMCX connector එකක් මුලින්ම මම FPV antenna එකට හයි කරගන්නවා. 

36

මේ Connector එකත් මම Electrical Tape වලින් Cover කරගන්නවා

37

මම මේ FPV Antenna එක Frame එකේ Top plate එකේ ඇතුල් පැත්තට Zip-tie දාලා හයි කරගන්නවා. එතනදී Connector දෙක එකතු වෙන හරියෙන් තමයි මම Antenna එක Frame එකට හයි කරගන්නේ.

38

39


ඒ වගේම Top Plate එකට Battery තද කරන්න ඕන කරන Battery Straps වගේම Battery එක ලිස්සලා යන්නේ නැති වෙන්න පොඩි ෆෝම් කෑලි කිහිපයකුත් අලවගන්නවා.

40


41


අවසාන වශයෙන් Top plate එකේ තියන Antenna Connector එක VTX එකට Plug කරලා Top Plate එක Drone එකේ අපි කලින් හයි කරපු Standoff වලට තියලා ඇණ දාගෙන තද කරගන්නවා.

42


ඉතිං Props ටිකත් දාලා Gopro එකත් දැම්මම  එන අවසානය තමයි මේ තියෙන්නේ.. 





මේ සම්පූර්ණ Steps ටිකම මම Time-lapse Video එකක් විදිහට කරා.. ඒකත් බලන්න මෙතනින්.



















































































 











 

Post a Comment

1 Comments

  1. ප්‍රොග්‍රෑම් කරන ටිකත් තිබ්බනම් තවත් හොදයි.

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)