FPV Drone වර්ග මොනවද තියෙන්නේ ?


කලින් මං ටිකක් පැහැදිලි කරා Fpv Drone එකක් කියන්නේ මොකක්ද කියලා ... මේ ලිපියෙන් Drone වර්ග ටික සහ එකක් හදන්න ඕනි වෙන Parts ටික ගැන මං පැහැදිලි කරලා දෙන්නම්..




FPV  Drone මුලින්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
  • Brushed Fpv Drone
  • Brushless Fpv Drone
මේ දෙකේ වෙනස් තමයි මෝටර් වල වෙනස. Brushed Drone වලට Brush තියන සාමාන්‍ය මෝටර් පාවිච්චි වෙනවා, Brushless Drone වල Brushless DC මෝටර්ස් පාවිච්චි වෙනවා...

Brushed Fpv Drone
Brushed FPV Drone එහෙම නැත්නම් Tiny Whoop කියලත් මේවා අදුන්වනවා . මේවගේ විශේෂත්වය තමා ප්‍රමාණයෙන් ගොඩක් කුඩයි ඒ වගේම 100g වලට වඩා බරින් අඩු නිසා ගෙයක් ඇතුලේ වගේ Fly කරන්න තමයි මේවා ගොඩක් යොදාගන්නේ.. සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ Drone එකක් එක්ක බැලුවම මිලත් ගොඩක් අඩු නිසා Fpv පටන්ගන්න ඕන කෙනෙක්ගේ පලවෙනි Drone එක Brushed එකක් වෙනවා..
ඒ වගේම පොඩි Toy Drone එකක අරගෙන FPV Camera එකක් හයි කරගෙන ලේසියෙන්ම FPV අත්දැකීම විදගන්න පුළුවන් ...

Brushless Fpv Drone
FPV Dones ගත්තම 90%කට වඩා මේ Brushless Drones . සාමාන්‍යයෙන් ඕනෑම Brushless මෝටර් එකක් වැඩ කරන්නේ AC කරන්ට් එකෙන්. ඒ නිසා මේ වගේ Drone එකකට මෝටර් හතරට අදාලව හැම මෝටර් එකකටම Motor Controller එකක් තියනවා (FPV විතරක් නෙවේ DJI වගේ Brushless මෝටර්ස් තියන එවටත් අදාලයි මේක.) Drone එකේ parts ගැන කතා කරද්දී මම ඒ ගැන වැඩිදුර පැහැදිලි කරන්නම්. 

ඉතින් මේ Brushless FPV Drones තව කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
  • FPV Racing Drones
  • FPV Freestyle Drones


Racing සහ Freestyle තමා Fpv වල ප්‍රදානම කොටස් දෙක. 

Racing Drone වලදී එක වගේම හදාගත්ත drone කිහිපයක් අතර Race එකක් තමා තියෙන්නේ. Race එකට ගැලපෙන්න වෙනම හදාගත්තු Tracks තියනවා, පොඩි පොඩි බාදක දාලා එක එක විදිහේ පාරවල් හදලා Race පදින්න තමයි මේක හදන්නේ. සාමාන්‍යයෙන් 5 Inch ( Drone එකේ සයිස් එක, මෙ ගැන විස්තර ඉස්සරහට දාන්නම් ) Fpv Racing එකක් 300g - 500g අතර උපරිම බරක් එන විදිහට තමා  මොකද Race එකකදී උපරිම වේගය වැදගත්  නිසා අනවශ්‍ය බර ඔක්කොම අයින් කරනවා. ඒ නිසා Gopro එකක් හෝ වෙන Action Cam එකක් පාවිච්චි කරන එකත් අයින් කරනවා Racing වලදී. 

Freestyle වලට හොදම උදාහරණය තමයි මම කලින් කිව්ව Dirt Bike කතාව, Freestyle වලදී ඉතින් නියමයක් නැහැ , ගස් අස්සේ බිල්ඩින් අස්සේ වැඩ දදා යන එක තමයි කරන්නේ. එතකොට උපරිම වේගයෙන් හැම වෙලේම යන එක අදාල වෙන්නේ නැහැ ඒ නිසා බර ගැන ලොකුවට හිතන්නේ නැහැ, freestyle වලදී output එක හැටියට  වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන නිසා Gopro එකක් වගේ Actioncam එකක් වෙනම හයි කරනවා HD footage එකක් ගන්න.  ඒ නිසා කොහොමත් 5inch සයිස් එකක් 500g - 700g වගේ බරකට සිමා වෙනවා.

FPV Drone එකක් හදනවා නම් ඕනි කරන Parts මොනවාද ?


FPV Racing video
Pilot - Minchan Kim (ලෝකේ වේගවත්ම FPV Racer කෙනෙක්)




FPV Freestyle video
Pilot - Mr Steele ( World Champion Freestyle Pilot කෙනෙක්)





Post a Comment

2 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)