අපි බලමු FPV Drone එකක තියන පාට්ස් මොනවද කියලා..


FPV Drone එකක් FPV නැතුව LOS ( line of sight / අපි drone එක දිහා බලාගෙන fly කරන එක ) විදිහට fly කරනවා නම් මෙන්න මෙ ලිස්ට් එක ඕන කරනවා...

  1. Transmitter (Remote)
    මේකෙන් තමයි අපේ drone එක සම්පුර්නෙන්ම පාලනය කරන්නේ.
    (Transmitter ගැන ලිපිය)
  2. Frame
    මේක තමා අපේ drone එකේ චැසි එක. මේක උඩ තමා අපි හැම දෙයක්ම හයි කරන්නේ.
    (Frame ගැන ලිපිය)
  3. FC (Flight controller)
    මේක තමයි drone එකේ මොලය, සම්පුර්ණයෙන් drone එකේ ඔක්කොම දුවන්නේ මේක මතයි. හරියටම අපේ Computer එකේ Motherboard එක වගේ තමා.
    (Flight Controller ගැන ලිපිය)
  4. Motor
    මෝටර් කියන්නේ මොනවද කියලා කියන්න ඕන නෑනේ.
    (Motors ගැන ලිපිය)
  5. ESC ( Electronic speed controller )
    මේකෙන් තමයි FC එකෙන් දෙන සිග්නල් එක මෝටර් එකට ගැලපෙන විදිහට convert කරගෙන මෝටර් එකට අදාළ වැඩ ටික ඔක්කොම බලාගන්නේ
    (ESC ගැන ලිපිය )
  6. Receiver
    මේකෙන් තමයි අපේ අතේ තියන transmitter එකෙන් යවන සිග්නල් එක අල්ලගන්නේ. ඊට පස්සේ එක FC එකට යවන්නේ Receiver එක හරහා තමයි.
    (Receiver ගැන ලිපිය)
  7. Props ( propeller )
    හැමෝම ඉතින් තටු තටු කියලා අදුන්වන්නේ මේ props තමයි.
  8. PDB ( power distribution board )
    මේකෙන් තමයි අපේ drone එකේ battery එකෙන් දෙන power එක ගානට හැම එකටම බෙදලා දෙන්නේ.
ඔය ඔය උඩ තියන ලිස්ට් එක තියනවා නම් අපිට FPV නැතුව උනත් drone එක fly කිරිමේ හැකියාව තියනවා..

ඊළගට බලමු FPV විදිහට fly කරන්න නම් ඕන කරන බදු මොනවද කියලා.

  1. FPV Camera
    මේක පොඩි කැමරාවක් , අපි drone එක fly කරන්නේ මේ කැමරාව හරහා පේන රුඋපයෙන් තමයි.
  2. VTX ( Video transmitter )
    මේකෙන් තමයි FPV camera එකෙන් ගන්න රුපය අපි ලග තියන goggle එකට හෝ monitor එකට සම්ප්‍රේෂණය කරන්නේ.
  3. FPV Antenna
    VTX එකෙන් දෙන සිග්නල් එක transmit කරන antenna එක තමයි මේක.
  4. FPV Goggle / Monitor
    මේක හරහා බලාගෙන තමයි අපි drone එක මෙහෙයවන්නේ.
  5. VRX ( Video Receiver )
    VTX එකෙන් එවන සිග්නල් එක අල්ලගන්නේ මේකෙන් තමයි . සාමාන්‍ය මිල අඩු ගොඩක් FPV goggles වල ඇතුලෙම VRX එක එනවා. ටිකක් හොද තත්වයේ goggle වලට නම් ඒකට ගැලපෙන VRX එක වෙනම ගන්න ඕන.



මේ හැම එකක් ගැනම වෙන වෙනම එක ගානේ මම ඊළගට පැහැදිලි කරන්නම් .. එතනකම් මෙන්න මේ චැනල් ටික පොඩ්ඩක් බලලා එන්නකෝ FPV පිස්සුව වැඩි වෙන්නත් එක්කම ..