මං මේ පොස්ට් එකෙන් අද කියන්න යන්නෙ අපි හදන FPV Drone එකකට ගැලපෙන ESC එකක් තෝරගන්නේ කොහොමද කියලා...


එකටම ESC එකක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු.. ESC කියලා අපි කෙටියෙන් කියන්නේ Electronic Speed Controller කියන එකටයි.. මේ ESC එකෙන් තමයි අපේ Drone එකේ තියන motors control කරන්නේ, මං කලින් ලිපියේ කියලා තියන විදිහට FPV Drone වලට අපි පාවිච්චි කරන්නේ Brushless motors (Motors ගැන ලිපිය), ඉතිං මේ motors සාමාන්‍ය brushed motors වගේ wire දෙකක් විතරක් එන ඒවා නෙවේ.  සාමාන්‍ය motor එකක් නම් වයර් දෙකට power එක දුන්නම කැරකෙනවනේ ඒත් brushless motors වල වයර් 3ක් එනවා. නිකන්ම power එක දුන්නට කැරකෙන්නේ නැහැ.. ඒ වයර් 3ට එක රටාවකට power එක දෙන්න ඕන, එතකොටයි motor එක කැරකෙන්නේ.. ඉතිං අන්න ඒ රටාවට power එක දෙන එක තමයි ESC එකෙන් කරන්නේ..


image from Oscarliang


ඉතිං අපි හදන FPV Drone එකට ESC එකක් තෝරගන්නවා නම් අපි කොහොමද තෝරගන්න ඕන ? මොනවද ගන්න කලින් බලන්න ඕන.. ඒ ටික මං එකින් එක පහලින් කතා කරන්නම්... 


01 ESC Voltage එක

ESC එකක් ගද්දී එකටම බලන්න ඕන, ඒ esc එක පාවිච්චි කරන්න පුලුවන් voltage එක මොකක්ද කියලා.. ඒක අපි esc එක ගන්න යන site එකේ හෝ ගන්න කෙනාගෙන අනිවාර්‍යයෙන් අහලා බලලා ඉන්න.. මොකද esc එකේ කියලා තියන voltage එකට වඩා වැඩි voltage එකක් අපි දුන්නොත් esc එක රත්වෙලා පිච්චිලා යනවා..  සාමාන්‍ය 5inch size එකේ FPV Drone වලට ඉස්සර ඉදන් ආවේ නම් 2S - 4S ( 7.4V - 14.8V) අතර පාවිච්චි කරන්න පුලුවන් esc. ඒත් දැන් නම් අලුතින් එන esc ගොඩක් 6S (22.2v) වගේ වෙනකම් support කරනවා.. ඒත් ගන්න කලින් හරියටම බලලා ගන්න...


02 ESC Amp drawer අගය

ඊලග අපි අනිවාර්‍යයෙන් බලන්නම ඕන දෙයක් තමයි ESC එකට දරන්න පුලුවන් amp ගාන කොච්චරක්ද කියලා.. මේකෙන් කියන්නේ esc එකකට දරන්න පුලුවන් current එක කොච්චරක්ද කියන එකයි..  ඒ කියන්නේ Motor එකක් full throttle කරද්දී ඒකට වැයවෙන current එක esc එක හරහා යන්න පුලුවන්කම තියෙන්න ඕන.. උදාහරනයක් කියනවා නම motor එකක් full throttle දෙද්දී 35A වගේ current එකක් වැය වෙනවා නම් අපි තෝරගන්න ඕන 35A හෝ ඊට වැඩි esc එකක්, නැත්නම් motor එකෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනය අපිට ගන්න බැරිවෙනවා වගේම ESC එක පිච්චෙන්න තියන ඉඩ වැඩිවෙනවා.. 

ඒ නිසා අනිවාර්‍යයෙන් esc එකක් ගන්න කලින් අපි ගන්න ඕන මොන motor එකක්ද කියලා තීරනය කරලා ඉන්න.. ඊට පස්සේ motor එකට ගැලපෙන esc එක ගන්න..

( මේ esc වල peak current එක සහ continues current එක කියලා දෙකක් තියනවා.. ඒ කියන්නේ අපි 30A කියලා esc එකක් තෝරගන්නවා නම් ඒකෙන් එක දිගට 30A current එකක් දෙන්න පුලුවන්. එතකොට ඒකේ continues current එක 30A වෙනවා.. peak current එක කියන්නේ පොඩි තත්පර ගානක් continues current එකට වඩා වැඩි අගයකට යන්න පුලුවන් කියන එක.. උදාහරනයක් කියනවා නම් ගොඩක් 30A esc වල peak current එක 35A වගේ තියනවා.. හැබැයි මේ 35A මට්ටමේ ඉන්න පුලුවන් තත්පර 5-10ක් වගේ පොඩි වෙලාවක් විතරයි.. ඊට වඩා ඉන්නවා නම් esc එක පිච්චෙන්න ඉඩ තියනවා.. )


ඔය මං උඩ කියලා තියන දෙක තමයි esc එකක් ගද්දී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕන කරුනු දෙක.. මීට අමතරව පොඩි පොඩි දේවල් ටිකක් තියනවා.  ඒවා ගන්න කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙන දේවල් ටිකක්.  ඒ ටිකත් මං පහලින් දාන්නම්..


* 4in1 ESC  /  Single ESC

මේ 4in1 esc කියන්නේ motor 4ට දාන තනි තනි esc 4ක් වෙනුවට.  ඒ esc 4ම එකතු කරලා තනි බෝඩ් එකක් විදිහට හදලා තියන එකකටයි.. තනි තනි esc විදිහට තියෙද්දී අපි ඒවා drone එකේ motor එකට ලගිනම drone frame එකේ arm එකකටනේ හයි කරන්නේ.  එත් 4in1 esc අපිට drone එක ඇතුලේ FC එකට යටින් කරන්න පුලුවන්.. drone එකේ පෙනුම ගැන හිතන කෙනෙක්ට නම් 4in1 එකක් ගැලපෙනවා..  සහ බර පොඩි ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන්..  ඒත් 4in1 වල තියන පොඩි අවුලක් නම් මොකක් හරි හේතුවකින් එක esc එකක් අවුල් උනොත් ගොඩක් වෙලාවට මුලු බෝඩ් එකම අයින් කරන්න වෙනවා.. single esc වල නම් අපිට ඒ esc  එක අයින් කරලා එතනට වෙන එකක් දාන්න පුලුවන්නේ..


* ESC Firmware

මේ esc වලත් processor එක ඇතුලේ එකින් එකට වෙනස් firmware run වෙනවා. FPV වලට ආපු ගොඩක් esc වල ප්‍රධාන firmware වර්ග දෙක තමයි SimonK සහ BLHeli.

මෙතනින් SimonK නම් දැනට භාවිතයෙන් අයින් වෙලා යන ගමන් තියෙන්නේ, තාමත් පරණ esc වර්ග දෙක තුනක විතරයි තියෙන්නේ.. ඔයා FPV එකක් හදනවා නම් අනිවාර්‍යයෙන් BLheli firmware එකක් තියන එකක් ගන්න..  BLheli එකෙත් දැනට 2nd generation එක BLheli_S විදිහටත් 3rd generation එක BLheli_32 විදිහටත් ඇවිල්ලා තියෙන්නේ..  

( BLheli_32 වල නම් startup tones එහෙම මාරු කරලා පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාන්න පුලුවන් )

*ESC Protocols

ESC Protocols ගැන කියනවා නම්, මං කලින් කිව්වා ESC වලින් කරන්නේ කිසියම් රටාවකට motors වලට power එක යවන එක කියලා..  අන්න ඒ යවන ක්‍රම තමයි මේ ESC protocols කියන්නේ.. මේකේත් එක එක ක්‍රම ගොඩක් තියනවා.. 

  • Standard PWM
  • Oneshot125
  • Oneshot42
  • Multishot
  • DShot (DShot150, DShot300, DShot600, DShot1200)
  • ProShot
මෙතනින් දැනට අලුතින් එන ESC වල පාවිච්චි වෙන්නේ DShot සහ Proshot විතරයි..  ඔයා අලුතින් ESC එකක් ගන්නවා නම් අඩුම Dshot 150 වගේ support කරන එකක්වත් ගන්න..

* ESC Size 

ESC size එක ගැන නම් බලන්න ඕන අපි single esc ගන්නවා නම් තමයි.. මොක්ද 4in1 ඒවා නම් ඔක්කොම 30x30 / 20x20 වගේ standard size වලින් ආවට single esc එක එක size වලින් එනවා. එතකොට අපි esc එක frame එකේ arm එකට හයි කරනවා නම් සමහර වෙලාවට අපි ගත්ත esc එක arm එකට වඩා ලොකු වෙන්න පුලුවන්..




Single ESC එකක් Motor එකට හා FC එකට set වෙන විදිහ

Image from - Oscarliang.com


4in1 ESC එකක් Motor වලට සහ FC එකට set වෙන විදිහ

Image from - Oscarliang.com

දැනට FPV වලට ගන්න පුලුවන් හොඳ esc වර්ග

  • Aikon
  • Diatone
  • EMAX
  • Flycolor
  • FPVModel
  • FuriousFPV
  • Gemfan
  • HGLRC
  • iFlight
  • KISS
  • Lumenier
  • Racerstar
  • RushFPV
  • Spedix
  • Sunnysky
  • TBS
  • T-Motor
  • Turnigy

දැනට මෙතනින් T-Motor ESC , SLRC STORE එකෙන් T-Motor site එකටත් වඩා අඩුවෙන් ගන්න පුලුවන්. 


SLRC Club එකෙන් ESC ගැන සිංහලෙන් කරලා තියන video එක..