කලින් අපි කතා කරානේ transmitter එක ගැන. අන්න ඒකෙන් කරන වැඩ අනුව transmit කරන සිග්නල් එක ඩ්‍රෝන් එක තුලදී අල්ලගන්නේ receiver එකෙන් තමයි. මේකට නම කෙටි කරලා ආර් එක්ස් ( RX ) එක කියලත් කියනවා..
ගොඩක් වෙලාවට අපි transmitter එකක් ගත්තම ඒකත් එක්කම receiver එකක් හම්බෙනවා . සමහර ඒවගේ නම් එහෙම හම්බෙන්නේ නැහැ. එතකොට අපි වෙනම receiver එකක් ගන්න ඕන..
Receiver එකක් ගද්දි අපි පළවෙනියටම බලන්න ඕන දේ තමයි ඒක අපේ තියන transmitter එකේ වර්ගයට අදාල එකක්ද කියන එක.
උදාහරණයක් කීවොත් ප්‍රධාන transmitter වර්ග ටිකක් කීවොත් Frsky / Flysky / Futaba වගේ.. ඒ ඒ transmitter එකට connect වෙන්නේ ඒ ඒ model එකට අදාල receiver එකක් විතරයි .. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඔක්කොම වැඩ කරන්නේ 2.4GHz වලින් නම් ඇයි වෙන එකක් connect කරන්න බැරි කියලා. ඒක මෙහෙමයි ලෝකේ මිනිස්සු ඔක්කොම සන්නිවේදන කරන්නේ කටහඩ පාව්ච්චි කරලා උනාට එක එක රටවල අයගේ භාශා වෙනස්නේ. අන්න ඒ වගේ තමා transmitter වර්ග වලත් එයාලා signal transmit කරන්න ගන්න ක්‍රම ( protocols ) එකකට එකක් වෙනස්..
දෙවෙනි එක තමයි අපි Rx එකක් ගද්දී ඒකේ තියන ඇන්ටෙනා වර්ගය ගැනත අවදානය යොමු කරන්න ඕන. මෙතන ඇන්ටෙනා වර්ගය කීවට ඇන්ටෙනා තියන ආකාරය තමා අපි බලන්න ඕන..
Receiver එකක ඇන්ටෙනා ක්‍රම දෙකකට පිහිටනවා.
01 Single antenna
02 Diversity antenna



Single antenna කියන්නේ receiver එකට එක ඇන්ටෙනා එකක් විතරක් පිහිටන ඒවා. මෙතනදී මේ receiver වලට යන්න පුලුවන් දුර ප්‍රමාණය ටිකක් අඩුයි , ගොඩක් වෙලාවට මේ receiver අදුන්වන්නේ Park flyer receiver කියලා.. සාමාන්‍ය පොඩි පාක් එකක / එලිමහන් තැනක වගේ අවුලක් නැතුව ඩ්‍රොන් එක යවන්න මේ Rx එක හොදටම ඇති.

Diversity antenna කියන්නේ, මේ receiver එකේ ඇන්ටෙනා දෙකක් පිහිටලා තියනවා, ඇන්ටෙනා දෙකම හැබැයි එකවර වැඩ කරන්නේ නැහැ. හැම වෙලේම TX එකෙන් එවන සිග්නල් එක අල්ලගන්නේ එක ඇන්ටෙනා එකකින් විතරයි. අපි ඩ්‍රොන් එකේ මේ ඇන්ටෙනා දෙක හයි කරන විදිහ අනුව ඩ්‍රොන් එක හැරෙන හැරෙන පැත්තේ වැඩියෙන්ම සිග්නල් අහුවෙන ඇන්ටෙනා එකෙන් සිග්නල් ඇදලා ගන්නවා..

මේ ක්‍රමයේදී diversity antenna තියන Rx එකකට යන්න පුලුවන් දුර වැඩි. Full range receiver කියලාත් මේ Rx අදුන්වන්න පුලුවන්..
Diversity antenna හයි කරන්න හොදම විදිහ



දල වශයෙන් කීවොත් single antenna receiver එකක් 200-300m වලට වගේ සීමා වෙනවා. Diversity antenna receiver එකක් 500-700m වගේ දුරක් යවන්න පුලුවන්.
(යවන පරිසරයේ තත්වය අනුව මේ දුර අඩු වැඩි වෙනවා, ගොඩක් ගස් / ගොඩනැගිලි තියන තැනක් නම් මේ දුර අඩු වෙනවා, ලොකු එලිමහන් කුඹුරක් / පිට්ටනියක් වගේ නම් මේ දුර තව වැඩි වෙනවා)

Receiver එකක් ගද්දී ඊලගට බලන්න ඕන කාරනය තමයි receiver එකේ size එක කොහොමද කියන එක. මොකද මේක අපේ drone එක ඇතුලේ තියෙන්න ඕන දෙයක් නිසා බර අඩු / ප්‍රමාණය අඩු එකක් වෙන තරමට වාසි වැඩි...

ඊලගට Rx එකක තියන වැදගත් දෙයක් තමයි telemetry කියන්නේ..



සාමාන්‍යයෙන් අපේ TX එකෙන් යවන signal Rx එකෙන් අල්ලගන්න එකනේ කරන්නේ. මේ telemetry receiver වලට පුලුවන් receiver එකෙනුත් signal එකක් TX එකට එවන්න.. එතකොට ඒකෙ හරහා අපිට එවන්න පුලුවන් ඩ්‍රොන් එකේ බැටරි තත්වය / flight controller එකේ මොනවා හරි errors තියනවා නම් ඒ වගේ ඒවත් අපිට TX එකට ලබාගන්න පුලුවන් telemetry receiver එකක් හරහා..

දැනය Flysky වල නම් මේ telemetry receivers නැහැ මම දන්න තරමින්.. Battery voltage එක නම් බලාගන්න පුලුවන් පොඩි මොඩ් එකකින්..
දැනට මිලදීගන්න පුලුවන් හොඳ Receiver ටිකක්..

FlySky
FlySky FS iA6 = $10.09
FlySky FS iA6B = $10.99
FlySky FS A8S = $9.99
FlySky X6B = $8.99 (Flysky හොඳම එක) Frsky Frsky XM = $12.59
Frsky R-XSR = $22.99 (Frsky හොඳම එක)



RX ගැන SLRC එකෙන් සිංහලෙන් කරපු වීඩියෝ එක, ඉවර වෙනකන් බලන්න..