මොනවද මේ FPV drones ?

ඇත්තටම මොනවද මේ FPV Drones කියන්නේ ?


FPV  කියන්නේ First Person View කියන එක කෙටි කරලා. Remote person view කියලත් මේකට කියනවා.  Drone, Car, Boat  වගේ දුරස්ථ පාලකයකින් වැඩ කරන ඕනෑම නියමුවෙක් රහිත වාහනයක් රියදුරාගේ දෘෂ්ටි කෝණයෙන් ධාවනය කරන එක තමයි FPV කියන්නේ.
එක හරියට අපි කාර් ගේම් එකක් play කරද්දී කාර් එක ඇතුලේ ඉදන් පේන විදිහට ගේම් එක play කරනවා වගේ තමයි. ඒ කියන්නේ ඇත්තටම අපි ඒක ඇතුලේ ඉදගෙන වාහනේ එලවනවා වගේ තමයි. ඕකෙම අනිත් පැත්ත තමයි Third Person View කියන්නේ, ඒ කියන්නේ අපි පිටත ඉදන් බලාගෙන පාලනය කරන එක.

ඉතින්  Fpv Drone එකක නම් අපි Drone එකෙන් එන වීඩියෝ එක අපි ලග තියන FPV Goggle  එකකට හෝ  FPV Monitor එකෙන් බලාගෙන තමයි  Fly කරන්නේ.


ඉතින් මේ FPV Drone එකක් අපි හැමෝම දන්න  DJI Phantom / Mavic වගේ එකකින් වෙනස් වෙන්නේ කොහොමද ?

එකට හොදම උදාහරණයක් දෙන්නම් Phantom / Mavic වගේ එකක් Tesla කාර් එකක් කියලා හිතුවොත් FPV Drone එකක් Dirt Bike එකක් කියලා  හිතාගන්නකෝ.
   

                    


Tesla එකකට  Full Autonomous විදිහට කාටවත් කරදරයක් වාහනේට හානියක් නැතුව ලස්සනට යන්න පුළුවන්, ඒ වගේම ඒ වගේ කාර් එකක් ධාවනය කරන්න රියදුරාට ලොකු අමාරුවක් නැහැ.  හැබැයි Dirt Bike එකක් ධාවනය කරන්න කිසිම සීමාවක් නෑ . හිතුනු තැනක හිතුනු විදිහට යන්න පුළුවන් , කැලෑවක් අස්සෙද කන්දක් උඩට මඩ ගොඩක් උඩද කියලා අදාල නැ . හැබැයි ඒ වගේ යන්න නම් අවුරුදු ගානක ලොකු පුහුණුවකුත් අනිවාර්යෙන්ම අවශ්‍යයි. FPV Drone එකත් අන්න ඒ 
වගේ තමයි.  ලේසි කියලා හිතුවට Drone එක හදන්න පටන්ගත්ත වෙලේ ඉඳලා තරමක් හොඳට Fly කරන තැනට එනකන් ලොකු කට්ටක් කන්න ඕන.



එතකොට මේ දෙකේ  Flying Style  එක වෙනස් වෙන්නේ කොහොමද ?

     එකට උත්තරේ මේ වීඩියෝ එක බැලුවම තේරුම්ගන්න පුළුවන් වෙයි.

                 


Flying style එකේ ලොකුම වෙනස තමයි Dji වගේ Cinematography වැඩ වලට තියන drones fly කරන්නේ auto level mode එකෙන්. ඒකේදී drone එක හැම වෙලේම පොලවට සමාන්තරව එකම level එකකින් තමයි තියෙන්නේ . අපි drone එක දෙපැත්තට කරත් ආපහු level වෙලා තියෙන්න තමයි ඒවා හදලා තියෙන්නේ.
ඒ උනාට fpv drone එකක ප්‍රධානම flight mode එක තමයි Acro mode එක. ඒකෙදි drone එක කිසිම level විමක් වෙන්නේ නැහැ..
උදාහරණයක් කීවොත් Fpv එකකදී ඔයා drone එක ටිකක් දකුණට ඇල කරොත් drone එක දිගටම ඒ විදිහට දකුණට ඇල වෙලාම තියනවා. ආපහු level කරගන්න නම් ඔයා වම් පැත්තට ටිකක් ඇල කරන්න ඕන..
Fpv ඊලග ලොකුම වෙනස තමා Throttle control එක (මේක නම් Fpv විතරක් නෙවේ පොඩි toy drone වලටත් බලපානවා)
( Throttle එක කියන්නේ සරලවම කියනවා නම් drone එක race කරනවා වගේ තමා, හරියට වාහනේක accelerator එක වගේ)
සාමාන්‍යයෙන් Phantom / Mavic / Xiaomi වගේ GPS හරහා fly කරන drone එකක throttle එක තියෙන්නේ Mid එකේ. drone එක take off කරාම අඩි දෙකතුනක් උඩට ගිහින් Altitude lock වෙනවා. එතකොට throttle එක mid එකේ නිසා, throttle එක උඩට කරොත් drone එක උඩට යනවා / throttle එක පාතට කරොත් drone එක පාතට එනවා / throttle එක අත ඇරියොත් drone එක එතනම lock වෙලා තියනවා...
ඒත් Fpv වලදී එහෙම නැහැ, ඒ drone එකක transmitter (remote) එකේ throttle එක තියෙන්නේ low එකේ, ඒ කියන්නේ drone එක takeoff කරනවා කියලා අඩි දෙක තුනක් උඩ යන්නේ නැහැ. අපි throttle දෙන තරමට තමා drone එක ටික ටික උඩ යන්නේ. එතකොට පාතට ගන්නේ ?? එකට තමා ගුරුත්වය තියෙන්නේ 😂 Fpv වල Dji වල වගේ හෙමීට හෙමිට land කරන්න බැහැ. අපි throttle ටික ටික අඩු කරද්දි drone එක පහලට එන එක අපි පාලනය කරගන්න ඕන..


                                         @wild wily fpv

ඕක හරියට තේරෙන්නේ නැත්තන් ලේසිම වැඩේ ෆෝන් එකට තියනවා app එකක් FPV FREERIDER කියලා. ඒක පොඩ්ඩක් දාගෙන fpv එකක් fly කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් try කරන්නකෝ...

එතකොට කොහෙන්ද FPV Drone එකක් ගන්නේ ? ලංකාවේ ගන්න තියනවද ? ලංකාවේ දැනට FPV Drone ගන්න නම් කඩයක් නැහැ මම දන්නා තරමින් නම්. ඒ වගේම FPV Drone එකක් කඩෙන් අරන් fly කරන එක මම අනුමත කරන්නේ නැහැ. මොකද drone එක fly කරන්න පටන් අරන් අවුරුද්දක් හමාරක් යනකම් drone එක අහසට වඩා පොලවේ තමයි තියෙන්නේ. එහෙම crash වෙන හැම පාරම අලුත් drone ගන්න බැහැනේ එතකොට අපිම අපේ එක repair කරන්න දැනගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් ඊයම් ටිකක් අරගෙන පොඩි පොඩි circuit එකක් පාස්සගන්න පුලුවන් දැනුමක් තිබ්බ නම් හොදටම ඇති .. FPV Drone වර්ග මොනවද තියෙන්නේ ? FPV Drone එකක් හදනවා නම් ඕනි කරන Parts මොනවාද ?


Post a Comment

4 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)