අද අපි බලමු Flight Controller එකක් , එහෙමත් නැත්තන් FC එකක් කියන්නේ මොකක්ද, ඒ වගේම අපිට ගැලපෙන හොද FC එකක් තෝරගන්නේ කොහොමද කියලා...


Flight controller කියන නමේම තේරුම තියන විදිහට මේ flight controller එහෙම නැත්තන් ඒ වචන දෙක කෙටි කරලා අපි කියන FC එකෙන් කරන්නේ අපේ මුලු quad එකම පාලනය කරන එක.  හරියට අපේ computer එකේ motherboard එක වගේ තමයි අපේ quad එකේ FC එක කියන්නේ..  අපි අපේ transmitter එකෙන් fc එකට දෙන input එකෙන් වගේම fc එකට තනියම හිතලා වැඩ කරන්නත් පුළුවන්කම තියනවා.  ඒකට උදව් වෙන sensors කිහිපයක් මේ හැම fc එකකම එනවා. 


FC එකක් ගන්නවා නම් මූලික වශයෙන් බලන්න ඕන කරුනු ටිකක් තියනවා.  ඒ තමයි

01 Processor (MCU) එක 
02 FC Firmware එක හා FC එකේ Brand එක

මේ ටික මම දැන් වෙන වෙනම පැහැදිලි කරන්නම්..


01 Processor (MCU)

අපේ computer එකේ වගේම අපේ quad එකේ FC එකත් පාලනය වෙන්න ඒකට අදාල වෙනම Processor එකක් (MCU - micro controller units) එකක් තියනවා. ඉතිං අපේ computer එකේ processor වල, එක එක Generations තියනවා වගේම FC වල තියන processor වලත් එක එක වර්ග තියනවා, ප්‍රදාන වශයෙන් අපේ FC එක වර්ග කරන්නේ මේ MCU එක අනුවයි..

දැනට FPV Drone සඳහා තියන FC වල MCU වර්ග 5ක් තියනවා.  ඒ තමයි

F1  /  F3  /  F4  /  F7   /   H7

මේ ටික අපේ PC වල i3 / i5 / i7 / i9 වගේ තමයි. මේ processor එකින් එකට වෙනස් වෙන්නේ ඒ ඒ processor එකට කරන්න පුලුවන් calculation speed එක සහ memory එක මතයි..

FC එකේ processor එක උඩ processor එකේ generation එක ගහලා තියනවා අපිට බලාගන්න පුලුවන්..



හැබයි ඉතිං දැන් මේ F1 FC නම් භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නෙ, තාමත් පාවිච්චි කරන අය නම් එහෙන් මෙහෙන් ඉන්නවා, ඒ උනාට දැනට ඒ FC වලට තියන Firmware supports නවත්තලා තියෙන්නේ. F3 FC වලටත් දැන් ඒක ටික ටික වෙනවා,  ඒ නිසා ඔයා අලුතින්ම Drone එකක් හදන්න ඉන්න කෙනෙක් නම් F4 එකකට යන්න කියන එක තමයි මගේ මතය..

F1 FC වල ඒ දවස් වල පිස්සුම FC දෙකක් තමයි CC3D & Naze32 කියන්නේ, දැනට ලංකාවේ උනත් ඉන්න ගොඩක් FPV pilotsලා එකටම ආවේ මේවගෙන් තමයි, CC3D එකට නම් වෙනම Plastic Cover එකකුත් ආවා 😂😂


02 FC Firmware එක හා FC එකේ Brand එක

FC එකේ තියන firmware එක මත තමයි අපේ FC එක කොහොමද වැඩ කරන්නේ කියලා තීරනය වෙන්නේ,  මේක නිකන් PC එකේ Operating System එක වගේ තමයි,

දැනට FC වලට එක එක විදිහේ Firmware වර්ග ගනනාවක්ම ඇවිල්ල තියනවා,  එහෙම තිබුන පලියට ඒ හැම එකම හැම FC එකකටම දාන්නත් බැහැ.  සමහර FC brand තියනවා ඒකේ වැඩ කරන්නේ එයාලා හදලා තියන FC firmware එක විතරයි,  ඒක හරියට Apple iphone වල IOS තියනවා වගේ තමයි..

ඉතිං මෙහෙම FC වලට තියන firmware ටිකක් නම්

Openpilot  /  Libre pilot  /  Cleanflight  /  Betaflight  /  Flyduino Kiss  /  FlightOne  /  Inav 

ඔය ටික තමයි දැනට ප්‍රදාන වශයෙන් FPV Drone වල FC වලට පාවිච්චිවෙන  firmware. ඔතනිත් Openpilot / Librepilot / Cleaflight වගේ ඒවා නම් අර කලින් කීව F1 Fc වලට ආපු ඒවා, ඕවා නම් දැන් භාවිතයේ නැති තරම්.  ඊලගට Inav වගේ නම් GPS එක්ක වගේ පාවිච්චි වෙන FPV drone වලට හොද firmware එකක්, දැනට Betaflight / Kiss / FlightOne තමයි වැඩිපුරම පාවිච්චිවෙන firmware ටික, එතනිනුත් වැඩිපුරම,  මං හිතන විදිහට FPV drone වලින් 80% විතරම පාවිච්චි කරන්නේ Betaflight.


Betaflight firmware එක open-source firmware එකක්, ඒ නිසා ලොකු developer base එකක් තියනවා මේ firmware එකට, ඒ නිසාම මොකක් හරි අවුලක් උනත් හදාගන්න උදව් ගන්න ලේසි, ඒ වගේම අපිටත් මේ Firmware එකෙක් එකක් වැඩ කෑලි ගොඩක් කරන්න පුලුවන්. ඒ වගේම මේ Open source බව නිසාම ගොඩක් කම්පැනි වලින් Betaflight firmware එක දාපු FC හදනවා,  එතකොට අපිට තෝරාගැනීම් ගොඩක් තියනවා, අපි කැමති විදිහට් අපිට ඕනි දෙවල් මොනවද බලලා අපි කැමති කම්පැණියක Betaflight FC එකක් ගන්න පුලුවන්...

Kiss / FlightOne දෙකම 
closed source firmware දෙකක්,  ඒ Firmware දෙකම හදන්නේ සහ වැඩිදියුනු කරන්නේ ඒ දෙකට අදාල Company දෙකෙන් විතරයි,  ඒ වගේම මේ firmware දෙකම support කරන්නෙත් ඒ ඒ company එකට අදාල FC එකට විතරයි,  වෙන FC වලට මේ firmware දාන්නත් බෑ, මේ FC වලට වෙන firmware දාන්නත් බෑ.

ඒ ඒ firmware එකට අදාලව PC Software එක තියනවා, ඒක මාර්ගයෙන් තමයි අපි FC එක Setup කරගන්න ඕන,  FC setup කරන හැටි ගැන මම ඉස්සරහට පෝස්ට් එකක් දාන්නම්..

මේ වීඩියෝ එක බලන්න Naze32 එකක් Cleanflight වලින් setup කරන විදිහ පැහදිලි කරලා දෙනවා . ( Cleanflight සහ Betaflight දෙකම එක හා සමානයි, පොඩි වෙනස් කම් ටිකක් තියෙන්නේ )



මූලිකව FC ගද්දී බලන්න ඕන Processor එකයි FC Firmware එකයි , ඊට අමතරව තව පොඩි පොඩි කරුනු ටිකක් තියනවා අපි FC එකක් ගන්නවා නම් බලන්න ඕන,

FC එකේ size එක / Mounting Size එක


FPV Drone වලට එන FC එකේ size එක තීරනය කරන්නේ, FC එක අපේ quad එකට mount කරන්න තියන විදිහ අනුවයි.. සාමාන්‍ය‍යෙන් Fc එකේ හතර පැත්තෙන් සිදුරු හතරක් තියනවා, අන්න ඒ එක සිදුරක ඉඳන් අනික් සිදුරට තියන දුරින් තමයි FC එකෙ size එක අපි කියන්නේ.. 
 

දැනට වැඩිපුරම භාවිතා වෙන size එක තමයි මේ 30.5mm size එක. මේක අපි ලේසියට කියන්නෙ 30x30 size එක කියලා.   තව මේ වගේම 20x20  / 16x16 වගේ size වල FC තියනවා,  



අපි හදන ඩ්‍රෝන් එකේ අපි තෝරගත්තු frame එකට අදාලව ඒකට mount කරන්න පුලුවන් size එකේ FC එකක් අපිට ගන්න වෙනවා..  (Frame එකක් තෝරගන්න හැටි)

FC එකේ අමතර දේවල්

දැන් ගොඩක් අලුත් එන FC වල මූලික කාරනය quad එක control කරන එකට අමතරව quad එකට අදාල තව parts FC එකටම ඇතුලත් කරලා එවනවා, 

PDB තියන FC   /  ESC  තියන FC  /   VTX තියන FC

මේවත් අපිට ඕනිද නැද්ද කියලා තිරනය කරලා ගන්න පුලුවන්.. ඔක්කොම එකට තියන FC එකක් දාන එකෙන් quad එකේ බරයි ඉරදි ඉතුරු වෙනවා වගේම FC එකේ අමතර දෙයකට හානියක් උනොත් මුලු FC එකම අයින් කරන්න වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන..




මේ තියෙන්නේ සාමාන්‍ය විදිහට FC එකකට අපේ quad එකේ අනෙක් හැමදේම සම්බන්ද කරන හැටි සරලව.  මේක දැකලා භය වෙන්න එපා. මෙහෙම පෙනුනට ගොඩක් සරලයි, මේ හැමදේම එකින් එක කියලා දෙන්නම්



වැදගත් : FC එකේ හැම එකක්ම අපි අතින් පාස්සන්න ඕන, ඉතිං මේ පාස්සන්න තියන PADS නම් ගොඩක් පොඩියි,  ඒ නිසා FC එකක් එක්ක වැඩ කරන්න නම් බවුත් එකක් එක්ක පොඩි පොඩි දේවල් පාස්සන්න හැකියාව නම් තියෙන්නම ඕන


හොදම FC වර්ග සහ quad එකකට ඕන හැම part එකකම links මම වෙනවම පෝස්ට් එකක දාන්නම්..

මේ ලිපියේ සමහර ෆොටෝස් මම උපුටාගත්තේ Oscar liang ගේ web site එකෙන්. එයාගේ web site එක තමා දැනට මේ විදිහට ඩ්‍රෝන් ගැන හොදම ලිපි පල කරන සයිට් එක. මම පෞද්ගලිකව එයාගෙන් අවසර අරන් තමයි ඒ ෆොටෝස් පල කරේ. එයාටත් ඒකට ස්තූතියි..

මේ එයාගේ සයිට් එක. oscarliang.com